දැන් පවත්වන්න යන පළාත් සභා මැතිවරණයන්ටත් මේක අදාලයි.
ඡන්ද දායකයෝ කියන්නේ 'ප්‍රජාව' නම්, මේ විදියේ නිශ්ක්‍රීය ප්‍රජාවක් එක්ක කොහොමද දෙයියනේ 'ප්රජාතන්ත්රවාදය' ආරක්ෂා කරන්නේ ! මේ ගැන තියෙන 'අවංක කැක්කුමේ බරපලකම' හන්දමද කොහේද ආණ්ඩුව කරවන ඇත්තොත්, කරවන්නට කල් බලමින් ඉන්න ඇත්තොත් ලෝකයේ තියෙන හා අළුත් ම උපක්‍රමත් පාව්ච්චි කරමින් 'ඡන්දදායකයිනි නැගිටිව්-ලංකාද්වීපය බේරාගනිව්' වගේ උනන්දුකාරක ගැන තමන්ගේ උනන්දුව පට්ට ඉහළින් පෙන්නුම් කරනවා.
ඒක කොයි තරම් 'ඉහළයි' ද කියතොත්, අඩු ම ගාණේ ඡන්ද නීති-රිති රැකගන්න එක ගැනවත් ඒ ගොල්ල හිතා බලන්නේ නෑ. කියල දිල තියෙන සූත්‍රයේ හැටියට ඒකේ ඇති වරදක් නෑ; මොකද නිති-රිති රැකෙන්න ඡන්ද-ප්රජාතන්ත්රවාදේ තියෙන්න එපා යැ ! ඒ වගේ ම ප්රජාතන්ත්රවාදය රැකෙන්නනම් රටක් තියෙන්න එපා යැ ! ඉතින් කොහොම කොහොම හරි මේ දේශපාලකතුමන්ලා මේ විදියට තෝරා පත් කර නොගත්තොත් රට රැකෙන්නේ කොහොමෙයි !!!
ඉතින් සුපුරුදු විදියට තාප්පයක්-ගහක්-ගලක්-බෝක්කුවක්-පාලමක් ගානේ හැම අස්ස-මුල්ලකම විතරක් නොවෙයි, එකා මත එකාත් මේ දවස්වල විරිත්ත ගෙන- අත් වනා ගෙන- නැති නෑකම් කියා ගෙන හැම තැනින් ම කඩා පනිනවා. පත්තරේ-රේඩියෝ-ටීවී-ෆෝන් අස්සෙන් පවා මතු වෙනවා. ඒ විදිවලින් ග්රාහකයාගේ ප්‍රතිචාරය ඇස් පනා පිට බලා ගන්න අමාරු නිසා දෝ කොහේද, පොඩි පහේ පොකට් මීටින්,පිළිගැනීම් ඉඳලා පට්ට-පතාක ජන රැළි දක්වා 'ලයිව් ප්‍රොගෑම්ස්' සංවිධානය කෙරෙනවා. බටහිර ඉඳන් දකුණ ට-දකුණේ ඉඳන් බටහිර ට- ඒ එක-එකක් ඇතුළෙත් මේවා ට සහභාගි වෙන එකම හුදී ජන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ තරම් උනන්දුවක් දැනටමත් තියෙනවානම් මොකටද අමුතු උනන්දු කාරක ප්‍රොජෙක්ට් එකක් කියලා සහෘද හුදී-ජනයෙක් අහන්න පුළුවන්. ඇත්ත කතන්දරේ මෙන්න මේකයි; ඇත්තට ම ඒ ගොල්ලන්ගේ උනන්දුව මේ ඡන්දය ගැන ම නොවෙයි. රස්සාව, සහනාධාර වගේ වෙනත් දේවල් ගැන. ඒවා වෙනුවෙන් එයාලට සිදු වෙලා තියෙනවා තමන් ද ඇතුළත් ඡන්දදායක ජනයාගේ උනන්දුව වෙනුවෙන් උපකරණයක් හැටියට පාවිච්චි වෙන්න.බලහත්කාරයක් හෙම නෙවෙයි ඔන්න; ඒ ජනතාවගේ කැමැත්තෙන් ම තමයි එහෙ ම පාවිච්චි වෙන්නේ හොඳේ ! මේ වැඩේ ට පොදු මහජන ආයතන හැටියට ආණ්ඩුවේ ආයතනවලින් පට්ට සපෝට් එකක් ලැබෙන්නේ. විශේෂයෙන් ම මැතිවරණ නීති-රීති වගේ දාහක් බාධක මැද්දෙත් මේ මැතිවරණ කාල සිමාව තුළ අළුත රස්සාවලට තාවකාලික ව බදවා ගත් අය, සහනාධාර පොරොත්තු ලේඛණවලට නම් ඇතුළත් වෙච්ච අය මේ වෙනුවෙන් යොමු කරලා, අවශ්‍ය විදියට ප්‍රවාහන වියදම්-කෑම බීම- නවාතැන් විතරක් නොවෙයි අවශ්‍ය විදියට රාජකාරි නිවාඩු එක්ක පඬිත් දීල ඒ ආයතන ප්‍රධානීන් විශාල අනතුරක් භාර අරන් තියෙනවා රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන්. මේවා විපක්ෂෙට නැති එක ගැන ඉරිසියා කරන්න හොඳ නෑ. ක්‍රමයක් හැටියට මේව රැකුණොත්, ඒ ඇත්තෝ බලයට පත් වෙච්ච වේලාවක කාට ද වාසි ! ඉතින් දුර දිග බලල වැඩ කරගන්න එක හොඳයි නොවැ ! අනික පෞද්ගලීකරණයනම් කරන්න හොඳ නෑ; මොකද, එහෙම වුණොත් හෙම කොහොමද මෙහෙම දෑ හිතකාමි වැඩක් කරගන්නේ. අනික, ඡන්දෙට විතරක් නොවෙයි, ඔය මානව හිමිකම් අපට එපා-බඩු මිළ තවත් වැඩි කරව් වගේ දේශප්රෙමීත්වයෙන් ඉහ-වහා ගිය සියළු වැඩකටයුතුවලට 'පොදු මහජන ආයතන' පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි නේ. (ගජ-මිතුරු ධනවාදය යටතේ පුද්ගලීකරණය කළත් ඔච්චරම තමයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හිතා පලන්න වටිණා වැඩක් තමයි)
මේ මැතිවරණයේ තියෙන පට්ටම පට්ට ජෝක් එක තමයි, මේක 'පළාත් සභා' මැතිවරණයක් වීම ! මම කිව හරි ද මන්දා ! මොකද, මේකට ඡන්ද ඉල්ලන අති ම අති බහුතරයක් තඩි ම තඩි පළාත් සභා විරෝධින්. මේ අතර සමහර අය ඉන්නවා මේ ඊයේ-පෙරේදාත් පළාත් සභාවලට බලතල දුන්නොත් රට බෙදෙනවා කියලා ඒවා අහෝසි කරවන්න කියලා හංදියක් ගානේ පෙත්සම් අත්සන් කරවලා ආණ්ඩුවට බලපෑම් කරවන්න කියපු ආණ්ඩුවේ ම කට්ටියත් ! දැන් මේ වගේ නහුතයක් උන්නාන්සෙලා මේ වෙලාවේ පළාත් සභාවේ බලය ඉල්ලන්නේ අනිවාර්යයෙන් ම "අපිට බලය නොදෙව්-තියෙන එකත් කපව්" කියන්න මිස වෙන අහවල් එකටද ! මොකද, මේ දිවි හිමියෙන් කළ රට රැක ගැනීමේ සටන පාවා දෙතෑකියැ, ඒ තරම් ලාබෙට ?
මේ සියළු උනන්දු කාරකවලින් ප්‍රබෝධමත් වුණ ඡන්දදායක ජනී-ජනයට මොකද දැන් කරන්න තියෙන්නේ.......? "මේ පාරනම් මොකක් හරි වෙනසක් කරගන්න පුළුවන් වේවි" මට මුණ ගැහුණ හුදී ජනයින් කීපදෙනෙක් ම කීවා. මගේ සාමාන්‍ය නිරික්ෂණය තමයි ඡන්ද ප්‍රතිපල කියන ජාතිය ඇහුවා ම මේ පූර්ව ඡන්ද ප්‍රතිඵල නිරික්ෂණයන් ඒවායෙන් පිළිබිඹු වෙන්නේ නැ කියන එක. සූත්තරේ මොකක්ද කියලනම් තේරෙන්නේ නෑ අවංකව ම ! ඉතින් මට හිතෙන්නේ මැිතවරණය දාට ඡන්දදායකයෝ හැටියට අපි ගිහිල්ල කරන්නේ පූර්ව විනිශ්චය කරන ලද ප්‍රතිපලයක් සුජාත කරන්න අවශ්‍ය 'ජාතික යුතුකමක්' වගේ දෙයක් කියලා ! (උතුර වගේ 'ජනතාවක්' ඉන්න තැනකට අදාල ව මේක වෙනස් බවට මම එකඟයි) ඉතින් ප්‍රතිපල වහන්සේ වැඩියා ම අපිට බලාගන්න පුළුවන් වික්‍රමබාහු කරුණාරත්නලා වගේ (මගේ මතකයේ හැටියට පළාත් සභා ක්‍රමයත්, බලය බෙදිමත් රැකගන්න ඒ මුල් දවස්වල පෙනි හිටපු ඇත්තන්ගෙන් අදත් ඒ ස්ථාවරයම වෙනස් නොකර පෙනි හිටින්නේ ඒ අය විතරයි )අය විසි වෙලා, මහ ආණ්ඩුවෙන් අංශුවක්වත් බලය එපා කියන, අර උඩ කියපු වර්ගයේ ඇත්තෝ බලයට පත් වෙලා තියෙන විදිය ! ඒක වෙන සූත්තරෙත් ඔන්න මටනම් තේරෙන්නේ නෑ !
මොනවා වුණත් මට තේරෙන්නේ අපි මේ විදියට 'ප්රජාතන්ත්රවාදය' කියන එක පට්ට ම පට්ට ජෝක් එකක් කර ගෙන අසික්කිත රසවිඳිමක බුදි වදිනවා කියලා !

තනිකර තිත්ත ඇත්ත සහෝ...
ReplyDelete