Tuesday, September 24, 2013

ලෝගෝස්, බී.අයි.ඇම්.සී.එච්.  සමඟ පොත්

සාහිත්‍ය මාසය ! කාලාන්තරයක් පුරා මේක එනකම් අපි බලා ඉන්නේ කියවන්න කැමති පොත්-පත් ගොන්න අතරින් කීපයක් හරි අතේ තියෙන ගානට ගැලපෙන තරමින් ගන්න පුළුවන්ය කියන බලාපොරොත්තුත් තෙරපාගෙන. ඉතින් මේ පාරත් ගියා තැන් දෙකකට......

එකක්, කොළඹ වරායට ඇවිත් තියෙන ‘ලෝගෝස්-හෝප්‘ නැව ඇතුලේ පොත් ප්‍රදර්ශනයට. පොත්වල ගණන්-හිලව්නම් අපිට කිට්ටු කරන්න පුළුවන් තරමට වඩා ටිකක් දුරින් තියෙන්නේ. ඒත් ඒක මාර අත්දැකීමක්.  

නැවේ කාර්ය මණ්ඩලයෙන් හමු වුණ හිතවතකුගේ උදව්ව නිසා නැව පුරා ම ඇවිදලා, දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් හිමි වුණා. මේ නැව ජර්මනියේ ඉඳන් පිටත් වෙන ඒ වර්ගයේ නැව් දෙකකින් එකක්. එක නැවක් අප්‍රිකාවෙන් පටන්ගත්තා ම, ලෝකයේ බටහිර අර්ධගෝලය පැත්තෙත්, අනෙක මැද-පෙරදිග ඉඳන් නැගෙනහිර අර්ධගෝලයේත් රටවල වරායවලට සේන්දු වෙමින් ලොව පුරා යාත්‍රා කරනවා. නැවේ වැඩ කරන ස්වේච්ඡා කාර්යමණ්ඩලය දෙසීය දෙනෙක්. ඔවුන් රටවල් හැටකින් විතර. අපේ කලාපයට ආපු නැවේ කට්ටියගේ පොදු භාෂා මාධ්‍යය, ඉංග්‍රීසි. අපි ඇහුවා, ඒ ගොල්ලන්ට ලැබෙන ගෙවීම් කොහොමද කියලා. දන්නවද වැඩේ....ඒ ගොල්ල නැවේ වැඩ කරන්නේ නැවට ගෙවීමක් කරල ලු ! ඒ මදිවට, ඒ විදියේ ගෙවීමක් කරලා නැවට එකතුවෙන්න බලාගෙන ඉන්න තව පෝලිමක් ඉන්නව ලු !!  ඒ ගෙවිම් ප්‍රමාණය තමන් අයිති රටේ හැටියට වෙනස් වෙනව ලු. සමහර අය පෞද්ගලිකව ම ගෙවල නැවට එකතු වෙලා ඉන්න අතරේ තවත් අයගේ ගෙවිම් ගැන වග බලාගන්නේ ඒ ගොල්ලන්ගේ ගමේ‘ පල්ලියේ ප්‍රජාව‘ (Church Community)ලු.  අතින් ගෙවල, මේ වගේ ජොබ් එකක් කරන්නේ මොන ඉටිගෙඩියකටද කියලා එකිනෙකාට හොරෙන් අපි හැමෝටම වගේ හිතිල කියල පස්සේ දැනගත්තේ. මේකට එයාල දිපු උත්තරේ “ජේසු කෙරෙහි අපේ ආදරය, අපි ලෝකය එක්ක බෙදා ගන්නේ මේ විදියට“ ඒකත් මාර කතන්දරයක් ! (මේ කට්ටිය කරන්නේ පොත් ප්‍රදර්ශනයක් විතරක් නෙවෙයි. නැව නැංගුරම් දාන තැන්වල ඉඳන්, ඒ රටවල විහිදිලා ගිහින් සෞඛ්‍ය සායන, ඉදිකිරිම්, පානිය ජලය වගේ ජීවන අවශ්‍යතා ඉටුකරගන්නට උදව්වීම්, සිරගෙවල-රෝහල්වල සේවාවන් වගේ ගොඩක් දේවල් මේ ස්වේච්ඡා කණ්ඩායම් අතින් සිදුවෙනවා.) “මේ හැම දෙයක් ම කරලා ඔයාල බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පල්ලියට තව කට්ටිය එකතු කරගන්නද ? “ අපේ රටවල සුපුරුදු ප්‍රශ්නය මෙතැනදීත් එළියට පැන්නා. කට්ටිය වැඩි කරගැනීම-දායකයෝ වැඩිකරගැනිම-සම්පත් වැඩිකරගැනිම කියලා මේ තියෙන සූත්තරේ ආර්ථික සූත්තරයක් මිස වෙන මුකුත් නොවෙයි. (සමහරු මේකේ ‘සංස්කෘතික‘ කතන්දරයක් පෙන්වන්නේ, තමන් ගේ ‘ආර්ථික කතන්දරේ‘ හංගගන්න.) ඒත් අපි අත්දැකපු විශේෂත්වයක් තමයි, මෙතැනදි කිසිම කෙනෙක් තමන්ගේ සේවා සැපයීම සම්බන්ධයෙන් පූර්ව හෝ පශ්චාත් කොන්දේසියක් විදියටවත් තමන් කියන දේට එකඟ විම වගේ දෙයක් ඉදිරිපත් කෙරුණේ නෑ. ඒ ගොල්ලන්ගේ ක්‍රමවේදය වුණේ තමන්ගේ කැපවීම, පරිත්‍යාගීබව තුළින් තමන්ගේ ඇදහීම අත්දැකීම ! ඒක අත්දකින කෙනෙක්, තමන්ගේ අත්දැකීමට එකඟ ව ඇදහිමකට ඇතුල් වුණාට කමක් නෑ නේ. ඇත්තට ම ඒක ඇත්ත ඇදහිමක් නේ. ඉතින් මට හිතුනේ අපේ රටවල ආගම පැතිරවීමේ හා රැකගැනීමේ-එතැනින් එහා තව තවත් දේවල් රැකගැනීමේ වලිප්පුවෙන් පෙළෙන පිස්සෝ-පිස්සියෝ තොග පිටින් ලෝගෝස්-හෝප් නැවට ගෙනැවිත් මේක උගන්වන්න ඕන කියලා. ඒත්, උන් ඉන්නේ ‘ආගම‘ ගැන ඇත්ත කතන්දරේට මුවා වුණ වෙන මඟුලකනම් ඒකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද උන්ට ආගම රැකගැනිම හා බෙදාගැනිම කියන එක ඇත්තට ම ඉගෙනගන්න ඕන නැති නිසා. උන් ට ඕන, ඒ උවමනාව, තමන්ගේ වෙන පටු උවමනාවක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තවදුරටත් හදාරන්න විතරක් නිසා. ලෝගෝස්-හෝප් නැවේ අනිත් විශේෂත්වය තමයි, සංස්කෘතික විවිධත්වය තුළ එක්සත්කම ගැන ඒ ඒ රටවලින් වගේ ම තමන් එකිනෙකා තුළිනුත් ඉගෙන ගැනිම. මේ තේමාවන් ගැන ප්‍රකාශිත අර්ථයට අබ ඇටේකවත් ප්‍රයෝජනයක් නොවෙන, සල්ලි-සම්පත්-කාලය-මහන්සිය තොග ගණන් කා දමන ආණ්ඩුවේ නොවන සංවිධානවල විතරක් නොවෙයි ආණ්ඩුවේ ආයතනවලටත් ඉගෙන ගන්නවානම් මෙන්න තැන් ! 
මේ ඔක්කොම අතරේ මම දැකපු සිමාවන් ටිකකුත් නොතිබුණා නොවෙයි. ප්‍රධාන ම දේ තමයි, මේ  ව්‍යාපෘතියේ ස්වරූපය නිසා ම ඒ ඒ රටවල පාලකයන්ගේ එකඟතාවය ඇති සීමාවට ලෝගොස්-හෝප් ක්‍රියාකාරකම් සීමා කරගන්න වෙනවා. උදාහරණයක් හැටියට රතුපස්වල සම්බන්ධයෙන් මේ කට්ටියට දැනුම් දීමක් තිබුණත්, තාම ප්‍රතිචාරය මොකක්ද කියල නෑ ලු ! මේ සීමාවන් දිනාගන්න ඇති අභියෝගයක් විදියට මේ විදියේ ව්‍යාපෘතියක් ගැන හිතන අය ට භාරගන්න වේවි.
ඉතින් මම බී.අැම්.අයි.සී.එච්. ප්‍රදර්ශනයටත් ගියා. මහ විශාල ෙසනඟක් ! ප්‍රදර්ශන කුටියට අැතුල් වුණ ෙවෙල් ඉඳන්, තැම්ෙබන, ෙතරෙපන විදියට හුස්මක් ගන්න එළියට එන එක ගැනයි හිතන්න ෙවන්ෙන්. ෙපා්ලිමක් තිබුණා, රුපියල් දහයක ටිකටි එකක් ගන්න. එ් ටිකට් එක 'දරු-දිරිය' කියල ශිෂ්‍යත්ව වැඩසටහනකට අාධාර පිණිස ලු.  එ් වර්ගෙය් ෙහාඳම කථාව දැකගන්න ලැබුෙණ් සරසවි ෙපාත් කුටියට අැතුල් වුණා ට පස්ෙස්. 'සිංහ එෆ්. එම්. ' කියලා කට්ටියක් ෙපාඩි ළමයි වෙග් ලියපු ලියුමක් අච්චු ගහල එන අය අතට පත්කරනවා.ලියුෙම් හැටියට 'ෙපාඩි උන්' කියනවා, 'උනුත්' අපි වෙග් ම ෙපාත් කියවන්න අාස ලු. සිංහ එෆ්. ඔම්. කට්ටියට දුන්ෙනාත් එයාලෙග් දුප්පත් පුස්තකාලවලටත් ෙපාත් ලැෙබයි ලු  ! ඉතින් සිංහ එෆ්.එම්. එකට දුප්පත් අෙපන් අාධාර ෙනාතිබුණා ට ෙකලින් මබැරි යැ ෙම් සත්කාර්යය කරන්න. ෙම් වෙග් 'දානමය' ව්‍යාපෘති ෙගාඩක් තිෙයනවා. ගංවතුර කාෙලට සමහර දුරකථන සමාගම් කියනවා අහවල් එස්.එම්.එස්. ප්‍රමාණය යැව්වා ම ගංවතුර අාධාරවලට එ්ෙකන් ෙකාටසක් බැර ෙවනවා කියලා වෙග් කථා. ෙලාකුවට හඳ පායන කාලවලට දන්සැල් දාන්න කියලා සමහර ෙපාරවල් ෙම් වෙග් අාධාර සම්මාදම් කරනවා.  මෙග් ප්‍රශ්නය අැයි අෙප් වියදෙමන් එ්ක කරන්න බලා ෙගන ඉන්ෙන්. ඊතින් ෙපාත් ප්‍රදර්ශනයට ගියා ම ෙම් වෙග් ෙපරෙලන ෙපාත් එක්ක ෙතරපිලා-ෙතරපිලා ෙදාට්ට විසි ෙවන්නයි සිද්ධ වුෙණ්. තව එකක්. දැන් දැන් ෙම්ෙපාත් ප්‍රදර්ශනවල පාඨකයන් ට ෙලාකු ඩිස්කවුන්ට් එකක් ලැෙබන්ෙනත් නැති තරම්. ඉස්සර එ් එ් අායතන මට්ටමින්තිෙයන ප්‍රදර්ශනවල මීට වඩා වාසියක් තිබුණා කියලයි මෙග් අත්දැකීම. සමහරු කීෙව් කුටිෙය් විහදම අැතුළු හැම ෙද් ම ඉහළ නිසා එච්චර ෙසල්ලම් කරන්න අමාරුයි කියලා. එෙහම බැලුවා ම කියවීම වර්ධනය කරන්න කියලා ෙකරුණු අවම වැෙඩ්, ටිකක් අඩු මිළක ට ෙපාතක් ගන්න පුළුවන්කමත් ෙම් වැඩ ස්වරූපය එක්ක අතුරුදන් ෙවලා ! (කියවීම  වර්ධනය කිරීෙම් අැත්ත උත්සාහයන් ගැන ෙතාකිෙයා් ෙපාත් ප්‍රදර්ශනෙය් අත්දැකීම් පැරකුම් එයා ෙග් w3ලංකා බ්ෙලාගෙය් සංසන්දනාත්මක ව අකුරු කරල තිබුණා)
දැන් ෙම් ෙපාත් කාෙල් ඉවර ෙව් ෙගන යන්ෙන්. එ්ත් මේ ෙනාෙයක් විදියේ 'ෙපාත් ෙපරලීම්' නම් හැමදාමත් තිෙය් වි. අවුට් එෆ් ෙඩ්ට් වෙග් දැනුනත් ඔන්න එෙහ් ෙම් ෙපාත්් සඳහා අැවිදපු කතන්දෙරත් ලියල දාන්න හිතුෙන් එ්කයි.

   

Tuesday, September 17, 2013

සුනිලා අබේසේකර ගැන පමා වූ සටහනක්

සුනිලා අබේසේකර නික්ම ගියාය !

ඇය, සිය කයින් ජීවතුන් අතර සිටියදී මා ඇය හඳුනාගත්තේ ‘සුනිලා අක්කා‘ ලෙස ය. සුනිලා අක්කා අවසන් හුස්ම හෙළු බව මිතුරියකගේ දුරකථන පණිවුඩයකින් මට දැනගන්නට ලැබුණු ඒ දහවල් මැදියමේ මට දැණුනේ හදවතත්, බුද්ධියත් බර කරන කාන්සාවක් සහිත හිස් තැනකි. ඇය ගේ මරණය පිළිබඳ මෙම පුවත මට මහා අරුමයක් නො විය. පිළිකා රෝගයකින් පෙළෙමින් ඇය ගත කරන අවසන් හෝරාව හොඳින් ම දැන සිටි නිසා තවත් දිගු කලක් ඇය ජීවතුන් අතර රැඳෙතැයි අපේක්ෂාවක් මට නො වීය. එහෙත් ඇගේ මරණය මගේ ප්‍රාර්ථනාවක් ද නො විය. ඇගේ මරණය ප්‍රාර්ථනා කළවුන් සමඟ බෙදාගන්නට හෝ හවුල් වන්නටද මට දෙයක් නො වීය. සුනිලා අක්කා ගේ ජීවිතය, අපට අහිමි වි බොහෝ කලක් බව මට දැනෙන්නේ බොහෝ කල් පටන් ය. මට දැනුන කාන්සා සහගත හිස්තැන, මෙන්න මේ අහිමි විම යළි පිරවිමට සුනිලා අක්කා කවමදාකවත් ආයේනම් එන්නේ නැති බව ඒ පුවතත් සමඟින් පසක් විම ය. මගේ මෝඩ අපේක්ෂාව කුමක් වුවත් ඇතැම් විට ඇය කායික ව ජිවතුන් අතර තව කල්පයක් කල් සිටියද එය සිදු නොවන්නක් වනු ඇත.
මේ කාලයේ මගේ ජිවිතය පිරි ඇති වැඩකට නැති වැඩ කන්දරාව අතරින් පතර, ඇතැම් විට තවත් එවැනිම වැඩක් ලෙස පහුගිය දින කීපයේ සුනිලා ගැන ලිය වි ඇති බොහෝ දේ කියවුවෙමි. බොහෝ දේ ඇසූවෙමි. ඒ ඇගේ මරණය, (සැබැවින් ම ගතහොත් ඇය ගේ ජිවිතය) අපේ සමාජය විසින් කියවා ගන්නා ආකාරය කියවා ගන්නට ය.

හුදි ජනයා අතර බෙහෝ දෙනා ඇය පිළිබඳ නිශ්චිත යමක් දැන නොසිටි අතර ාණ්ඩුව හා විශේෂයෙන් ම ආණ්ඩුගැති මාධ්‍ය විසින් මවා පෙන්වන ලද චිත්‍රයට ඔවුන්ගේ සකල ඥානය සීමා විය !  මාධ්‍යයන් අතර වඩාත් ප්‍රගතිශිලි සමජ මාධ්‍යයන් අතර ද (මේ කියන්නේ සිංහලෙන් පළ වෙන ඕවා ගැන ය) මේ පටුභාවය දුලභ නොවිය. ඇතැම් අය සුනිලා අක්කාගේ පෞද්ගලික ගුණාංග ගැනත්, තවත් අය ඇයගේ කටහඬ හා ගායන-රංගන කලා කෞෂප්‍යයන් ගැනත් කියා “අනික්වා ගැන අපි දන්නැතෝ“ වගේ කථාවක් කියා ෂේප් වි ඇත. (සමාවන්න. ඇතැම්විට ඒ ඔවුන්ගේ ඇත්ත ම සීමාව විය හැක)තවත් ප්‍රතිචාරයන් අතර කතන්දරකාරයා කර තිබුණේ සුනිලා ගේ අභාවය ගැන පළ වී ඇති සියළුම ශෝකප්‍රකාශයන් සිය පෝස්ටුවේ දැමිම ය. w3ලංකා ලියන පැරකුම් මානව හිමිකම් සුරැකිම සඳහා ඇය ගත් ක්‍රියාමාර්ගයන් තුළින් ආණ්ඩුවට මෙන් ම කොටින්ටද විරුද්ධ වූ බව පෙන්වා දි මඩකාරයන්ගෙන් ෂේප් වන්නට වෑයම් කර තිබුණාක් සේ පෙනුනි. අරුණි ෂපිරෝ නම් සුනිලා ගැන ලියද්දී ඇයගේ සුපුරුදු විද්වත් තාර්කිකබව පවා පසෙක ලා මහා කුහකකමක් මතු කරගෙන තිබුණු බවක් පෙනි යයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දී (එය සමන්විත වන්නේ ලංකාව වැනි රාජ්‍යයන්ගෙන් බව බොහෝ දෙනා ට බෙහෝ විට අමතක වෙයි )සුනිලා විසින් ලංකාවට (?) චෝදනා එල්ල කරන ලද්දේ ‘ත්‍රස්තවාදීන්‘ සමඟ එකට සිට ගනිමින් බව අරුණි පවසා ඇත්තේ ලංකාවේ පවතින ආණ්ඩුවේ මර්දකයන් සමඟ එක ට සිටගනිමිනි. ඒ ස්වරයන් දෙක අතර  කිසිඳු වෙනසක් දක්නට ඇත්නම් මට පෙන්වා දෙන මෙන් අයැද සිටිමි.

මට කියා ගන්නට ඇති, කොහෙන්වත් නොකියවුණු බව දැනෙන දේ පසුව මෙසේ හෝ අකුරු  කළ යුතුයයි හැඟුනේ මේ තත්වයන් නිසා ය.  

සුනිලා අක්කාගේ වියෝවට පෙර ද කාලයක් පුරා මට දැණුන ඒ හිඩැස කුමක්ද ?

සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු විදේශ ලේකම්වරයකු වූ සුනිලා ගේ පියා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් වාමාංශයෙන් ගිලිහී යමින් මධ්‍යම පංතිකයන් අතට පත්වෙමින් පැවැති සමාජ ක්‍රියාතාරිත්වයන් හී පුරෝගාමී නායකයකු විය. මෙම පසුබිමේ ඉහළ මධ්‍යම පංතික බලපෑම සමඟ සුනිලා 70 දශකයේ සමාජ ක්‍රියාකාරිත්වයට ගොඩ වන්නේ උපන් ගෙයි ලිබරල්වාදිනියක් ලෙස ය. 71, 88-89 දකුණේ කැරලිවලදි ද, උතුරේ අරගලයේ දි ද ඇයගේ ක්‍රියාකාරීත්වය සළකුනු වන්නේ ඒ කැරලිවල ප්‍රකාශයට පත් පරමාර්ථයන් හෝ උපාය-උපක්‍රමයන් සමඟ එකඟතාවයකින් නො වේ. මේ අවස්ථාවන්හි දි මෙන් ම ආන්දෝලනාත්මක වූ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් සඳහා ද ඇය ගේ ම වූ න්‍යායපත්‍රයක් ඇය ට විය. ‘ඇයගේ ම‘ යන්න නිවැරදි නොවේ. ඇත්තටමනම් ඒ ලිබරල්වාදී න්‍යායපත්‍රයයි. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැන්නක් සමඟ එක් ව සුව-පහසුව ගමන් කිරීම ට ඇයට හැකි වන්නේ මේ තත්වය තුළ ය. මේ නිසා සුනිලා ගේ ක්‍රියාකාරිත්වයන් බරපතල සීමාවක සිර වි පැවතියේ ය. එහෙත් ඒ තත්වය  වින්දිතයන් ට හැර  මේ ක්‍රියාකාරිත්වයන් හි කිසිවකුටත් ගැටළුවක් ද නො වීය. එසේ වන්නේ සුනිලා ගේ සිමාවක් නිසා නොව ලාංකිය ලිබරල් භාවිතයේ සීමාවන් නිසා ය. ලෝක ධනවාදයේ පිළිකන්නේ හැටි මෙහෙම තමා ය.

තත්වයන් මෙසේ පැවතිය දි සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයන් අපේ සමාජයන් ට සිදු වු බලපෑම අල්ප වුව ද එය වැදගත්  බව මගේ අදහසයි.  ලාංකික සමාජ සංවර්ධනය සඳහා වඩාත් ම බලපෑම් සහගත ක්ෂේත්‍රය ලෙස ඇය සම්බන්ධයෙන් මා දකින්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඇය ගේ මැදිහත් විමයි. ඒ සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පුරෝගාමී මැදිහත් වීම් මගින් පුරුෂෝත්තමවාදි වටිනාකම් පද්ධතිය වෙව්ලුම් කෑමකට ලක් කිරිමට ඇය සමත් විය. ඇය සිය පෞද්ගලික භාවිතාවෙන් ම ඒ සඳහා පෙනි සිටි නිසා එය වඩාත් තීව්‍ර විය.ඇයගේ අභිතකම වඩාත් හොඳින් දැක්වුණේ මේ තලයේ හි ලා ඇය වෙත එල්ල වූ අපහාස-අවලාදයන් වෙත ඇය මුහුණ දුන් ආකාරයෙනි. එහෙත් අඩුව පැවතියේ පොදු සමාජ භාවතාවක් කරා එය ගෙන ඒමට ඒ මුළුමහත් ක්‍රියාකාරිත්වය අසමත් විම නිසා ය.

සුනිලා අක්කා පෙනි සිටි සටන්පාඨ මේ බිමේ පීඩිතයන් ට මිස පිඩක ආණ්ඩුව ට අයත් ඒවා නො විය. එහෙත් අධිරාජ්‍ය ගැති රාජ්‍යය සම වන සම්මුතියකට ඒ පෙනිසිටීමෙන් වූ  බාධාවක් නො විය. රාජපක්ෂ රෙජිමය මෙම කොලනිය පවත්වා ගෙන යාමෙහි සමත්භාවය තහවුරු කිරිම ට අසමත් වන මොහොතක එය කිරිමට සමත් වන ආකාරයේ වෙනත් රෙජීමයක් මාරු කිරිමට අවශ්‍ය ‘සමබිම‘ ව්‍යාපෘතිය පෝෂණය කිරීමට ඇයගේ කැපවීම තේරුම් ගත හැක්කේ ආණ්ඩුව සමඟ ආරෝවට ගිය ද ලිබරල්වාදය හරහා ඇයට ඇති අධිරාජ්‍යගැති ධනේෂ්වර රාජ්‍යය සමඟ ඇති සහජිවනය සමඟින් විය යුතුය. ලාංකික ලිබරල් ව්‍යාපාතිය  කෙතරම් කුහකදැයි හොඳින් ම පෙනි යන්නේ මෙන්න මේ තැන්වලදි ය. සමබිම හරහා ගොඩනගන ‘සමගි බලවේගය‘ ආදී ව්‍යාපෘති සඳහා සුනිලා අක්කා මුදල් අදිද්දී සුදර්ශන එහි ආකර්ශකයා ලෙස ක්‍රියාත්මක වෙයි. ඔහුගේ ප්‍රකාශන සුනිලා ගැන මුඛරි වෙද්දී, ඒ ව්‍යාපෘති පිටුපස නිර්මාපකයා නැතහොත් සම කර්තාවරයකුවත් වන දිප්ති  මිය ගිය අය ගැන නුගුණ කිමට හොඳ නැති නිසා සුනිලා ගැන කිසිවක් කිම ප්‍රතික්ෂේප කරන බව පවසයි.

මට දැනෙන්නේ සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයේ තිරිංගයන්, බාධකයන්, බොරුවලවල් ආදිය ගැන කුහක ද්වේෂයේත්, මරණය තුළින් ඇති වු භාවාතිෂමය වු සෞන්දර්යයේත් ගිලීමෙන් තොර ව විග්‍රහයක් කර ගත යුතු බව ය. එහි දි සුනිලා අක්කා එම ක්‍රියාකාරිත්වයේ දිප්තිමත් සංකේතයක් ලෙස සැළකීම අවශ්‍ය වනු ඇත.            

Sunday, September 8, 2013

පික්-පොකට් ගැසීමේ කලාව හා ප්‍රතිවිරෝධය ගොනා ට ඇන්දවීමේ කලාව

ඔන්න හිතන්නකෝ දැන් මේ පිටකොටුව පැත්තේ යමින් ඉන්නවා කියලා. එක පාරටම පර්ස් එක පොකට් ගහගෙන එකෙක් පැනපි ! පර්ස් එකේ අළුත් අයිතිකාරයා ලෝකයේ ඕනෑම බාධක දිවීමේ ශූරයෙකුට වඩා දක්ෂ විදියට අර මහසෙනඟක් මැදින් ඉදිරියට ම ඇදී යනවා. පරණ අයිතිකාරයත් යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුමක ! ඒ වෙලාවේ ලෝකේ තියෙන ඉහළ ම ධෛර්යය අර ගෙන ලුහු බඳින ගමන් සපෝට් එකක් ඉල්ලල බෙරිහන් දීමේ ද්විත්ව කාර්යයක ! අපරාදේ කියන්න බෑ......අසාධාරණය, අයුක්තිය නො-ඉවසන මිනිස්සු මේ ලෝකේ-රටේ කොයි තරම් ඉන්නවද....කෑ ගහන්නත් කළින් ම පස්-හය දෙනෙක්ගේ පිරිසක් සපෝර්ට් එකට සෙට් වෙලා ! දැන් පර්ස් එකේ මුල් අයිතිකාරයටත් වඩා උද්‍යෝගිමත් ව ලුහුබැඳිමේ කටයුත්ත කරන්නේ ඒ අය. කොටින් ම කියතොත් මුල් අයිතිකාරයා ට පැත්තකින් ඉන්න කියලා මේ අය දැන් වැඩේ අත ට අරන්.
ඒත් කතන්දරේ හරියට ම තේරෙන්නේ පස්සේ නේ. (ඇත්ත ම කියතොත් මේ සීන් එකේ තිරයෙන් පිටිපස්සේ කේස් එක දකින්න ඉඩක් නැති නිසා ගොඩ දෙනෙකු ට මේ කතන්දරේ තේරෙන්නේ ම නෑ) අර ‘සපෝටර්ස්‘ ලා සෙට් එක තරඟෙට එන්ටර් වෙලා තියෙන්නේ මුල් අයිතිකාරයා ගේ සපෝට් එක ට නෙවෙයි. දෙවැනි අයිතිකාරයා ගේ සපෝට් එක ට ! පස්සේ ඒ ගොල්ලා එකතු වෙලා ‘යහපත් සමූපකාරිකයෝ‘ වගේ ප්‍රජාතන්ත්‍රවාදය ට හා සාමකාමි සහජිවනය ට අකුරකින්වත් හානියක් නො වන විදිය ට, ඕනැනම් ඌනපූඍණයක් විදිය ට සමාජවාදයටත් එකඟ ව අර පර්ස් එක වගේ දේපළ බෙදා-හදා ගන්නවා !!!
මේ සීන් එක අකුරු කරන්න අදහසක් පහළ වුණේ  පහු ගිය දවස්වල මෙහෙ සැපත් වෙලා ගිය නවනිදම් පිල්ලේ නෝනා වටේ කරකැවුණු සිද්ධිදාමය දකිද්දී. මෙහෙට එද්දී සුළි සුළං-මෙහෙන් යද්දි මඳ පවන් ! එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන- විශේෂයෙන් ම පිල්ලේ නෝනා ගැන බලාපොරොත්තු එල්ල ගෙන හිටපු අසරණ වින්දිතයන් ට වුණේ තමන් ට තිබුණ බරව කකුලෙන් ගැහුව වගේ වැඩක්. එක අතකට මේව මෙහෙම වුණ එකත් හොඳයි. මොකද දැන් බරව කකුල් ගැන විශ්වාසය අතෑරලා හොඳ කකුල ට වාරු දිල හිටගතෑකි නේ.
සුළි සුළඟ නිසා ගොඩක් දේවල් වුණා නො වුණත් අඩු ම ගානේ වුණා වගේ පෙණුනා. වෙඩි වැදුනු (තබනු ලැබු කිවොත් අප්සෙට් නේ) වැලිකඩ හිරගෙදර බිත්ති-ගේට්ටු පිළිසකර කෙරුණා. හිරකාරයෝ ‘නිදහසේ‘ ඉන්නවා වගේ පෙනෙන එළිමහන් හිරකඳවුරක් වුණත්, එහෙ ම නොකියන උතුරේ ඩෙඩි ‘වැදුනු‘ වාහන පවා අතුරුදන් කෙරුණා. සර්වබලධාරි ජනාධිපතිතුමා කියන එක ම ඇමතිවරයා යටතේ වුණත් පොලිසිය වෙන ම අමාත්‍යාංශයකින් සිවිල් වුණා. වැරදිලා හරි ‘අපරාදෙකට‘ මිලිටරියේ ඇත්තෝ සම්මාදන් වෙලා ද කියල හොහල බලන්න ‘පරීක්ෂණ‘ කොමිසන් පත් කෙරුණා. රතුපස්වල දි වෙඩි වෙඩි තැබීමේ නියෝග දුන්නා කියපු මිලිටරි ලොක්කො පස්දෙනෙක් ම ගෙදර යැව්වාල තාවකාලික ව- ‘පරික්ෂණ‘ කටයුතු ඉවර වෙන තුරු.මේ වගේ දහසකුත්-එකක් කටයුතු දැන වදාරලා පිල්ලේ නෝනා කියපි “ලංකාව හරි ම ෂෝක් නේ“ කියලා. ඔය අතරවාරේ ආණ්ඩු කරන බබාලගේ හරිහමන් අනුදැණුමක් නැති ව මේ දවස්වල තමන් ගේ නිත්‍යානුකූල පුත්‍රයා ට පණ බේරාගන්න ලෝකේ කොහේ ම හරි පරදේසක්කාරයෙක්(උන්නාන්සෙගේ වචන අනූව) සරණ යන්න පිට-පොට ගහන ඇමැත්තෙක් ඇතුළු කීපදෙනෙක් ගේ ශ්‍රී කියුම්-විහිළුවංශ, බලු සේනා වගේ අයගේ ශ්‍රි කෙරුම් ගැන හිතට ටිකක් අප්සෙට් කීවා ම ලොකුතුමා කිවා ලු “ සොරි අනේ, මේ අපේ සමහර බබාලගේ උපන් හැටිනේ“ වගේ කතාවක්. එතකොට පිල්ලේ නෝනත් කීවලු “ අනේ කමක් නෑ අනේ. කෙහොම වුණත් අර ඕගොල්ල පත් කර ගත්ත, ඕගොල්ලන් ගේ කොමිසන් සභාවල තීන්දු ටික මේ දැන් කරල තියෙන හරිය වගේ සම්පූර්ණ කර ගෙන යන්න. නැත්නම් ඒව කරන්න කියල අපට බල කරල කියන්න වෙනවා හොදේ“ කියල.
මේ නාට්ටිය මෙහෙමවත් නොවුණොත්, ඔය ‘ප්‍රජා-තන්ත්‍ර-අන්දරේ‘ බැලන්ස් කරගන්න අමාරු වෙනවා කියන එක ගැන මේ කවුරුත්  අවදියෙන් වෙන්න ඇති ඉන්නේ.
ඉතින් අර පික්-පොකට් කතන්දරේ එක්ක පූර්ව-අපර සන්ධි ගලපාගැනීම දැන ට පාඨක උත්තමයන් වන ඔබ ට බාරයි. පස්සේ පුළු-පුළුවන් විදියට අ-පාඨක උත්තම හුදි ජනයන් එක්කත් බෙදාගන්න ක්‍රමයක් ඇතොත් මරේ-මරු. කර්තෘභාග අපේක්සාවක් නෑ. දැනට අපි එකතු වෙලා මේ ගලපා ගැනිම පටන් ගනිමු කෝ.
පිල්ලේ නෝනා සහ ඒ වර්ගයේ කට්ටියගේ නැවත-නැවත පිරිනැමෙන අනගි අවස්ථා ගැන ඔළුවට ආපු තවත් සීන් එකක් ගැන ඊළඟ පෝස්ටුවකින් අකුරු කරන්න අපේක්සාවක් තියෙනවා ඕන්.

 

Thursday, August 22, 2013

පැමිණෙන මොහොත වෙනුවෙන් තව දවසක් ජීවත් වීම....


අතීත සිදුවීම් සමහර විට ගොඩාක් කටුකයි. ඒත් ඒවායේ මොකක්දෝ සුන්දරත්වයකුත් තියෙනවා වගෙයි කොන්දේසි විරහිතව. හරියට ම අපේ සමහර වීරයන් වගේ. ජිවතුන් අතර ඉන්න වීරයන් පිචං වෙලා යන විදියට අපට හිතෙන්නේ ඒකට ඒ කාලේ වීරයෝ කියලා. ඒත්, ඒ එක්කම හීනියට හිත කොදුරනවා, උනුත් මේ මොහොතේ ජිවතුන් අතර හිටියනම් දැන් ඉන්න උන්ට වඩා වෙනස් වේවි ද කියලත්. මේ සැකය තීව්‍ර වෙනකොට හිතෙන්නේ මේ අතින් බලද්දිනම් උන් මැරුණේ හොද වෙලාවට කියලා. නැත්නම් අපිට හෙට දවස වෙනුවෙන් අද ජීවත් වෙන්න කියලා හීනයක්වත් ඉතිරි වෙන්නේ නෑ. ඇමරිකානුවන්ගේ කියමනක් තියෙනව ලු ‘ඔබේ තාරුණ්‍යයත්, සුන්දරත්වයත් රැක ගෙන ඉක්මනින් ම මිය යන්න‘ කියලා. මට ඒකට එකතු කරන්න පුළුවන් ‘ඔව්, ඒ එක්කම වීරත්වයත්, සිහිනත්‘ කියලා. 

ඒත්.............ඒකෙන් කියවෙන දේ ඇත්ත කියලා අපි තව දුරටත් විශ්වාස කරනවනම්........, ඒකෙන්  කියවෙන්නේ අද අපි ජීවිතේ ගැටගහගන්න එල්ලෙන හීන ෆැන්ටසීන් නැත්නම් මායාවන් කියන එක නො වෙයි ද ????? එතකොට මේ ගත කරමින් ඉන්න ජීවිතය කියන එක ට තව දුරටත් තේරුමක් තියෙනවද ?  මේ ප්‍රශ්නය මුණ ගැහෙන ඉසව්ව වෙද්දී විමුක්තිය, සහනය ගෙනෙන එකම පිළිතුර තියෙන්නේ මරණය. ඒ රමණීය මරණය ගෙන එන සිය දිවි නසා ගැනීම. ඒත්..........ඒ රමණීය මොහොත විසින් ම තව මොහොතක් ආයෙමත් ඉල්ලා හිටිනවා. දැන් සියල්ල ම ඉවර වෙන්න නම් යන්නේ ඊට පස්සේ වෙන මොකකටවත් අවස්ථාවක් එන්නේ නෑ කියලා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ජීවතුන් අතර ඉන්න අනිත් එවුන් ට ඉතිරි හැම දේම තීරණය කරන්න පුළුවන් වෙනවා. ‘මම‘ ගැන පවා, මම නැති ව ! මොන මගුලක් ද !  එතකොට දැන් වෙන්නේ කොහොමද ? දැන් ‘මම‘ ගැන තීරණය වෙන්නේ මට ඕන විදියට ද ? ම් ම් ම් ම් ම් සමහර විට...ටිකක් විතර වගේ දැනෙනවා. මරණයෙන් පස්සේ ඒ ‘ටිකත්‘ නෑ.  ඔන්න එතකොට මරණයට පෙර කළ යුතු අවසන් රාජකාරිය ගැන ආශාවක් පහළ වෙනවා. මොකක්ද කරන්නේ ඕනේ ? මරණය ට අර්ථයක්....ඒ තුළින් ජිවිතයට අර්ථයක්.... ‘තේරුමක් ඇති මරණයක්‘ කියන්නේ ජිවිතයකට අවම- ඒ වගේ ම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් ඒ ‘අර්ථය‘ තනිව නිපදව ගන්න පුළුවන් ද? බෑ කියල තේරෙනවා. එහෙම පුළුවන් වුණත් ඇති වැඩකුත් නෑ. මොකද, ‘අර්ථය‘ ට පැවැත්මක් ඇත්තේ සාමුහික ව මිස කේවල ව නොවෙයි කියල මට දැනෙනවා. 

ඒත් මේකෙන් පස්සේ තව ලොකු ම ලොකු ප්‍රශ්නයක් ! මේ අර්ථය හොයන්නේ තනි ව නොවේනම් කා එක්කද ? මට කවුරුවත් ම විශ්වාස නෑ. හැම තැනම මම අත්වින්දේ ලොකු- ලොකු ම ලොකු ව්‍යාජයක්. ඒ නිසා සජිවි ව හමු වෙන මනුස්සයෝ එක්ක මේව බෙදාගන්න යන හැම වෙලේ ම මට අතරමගදිම මුණ ගැහෙන්නේ ජුගුප්සාජනක අපේක්ෂාභංගත්වයක්. මගේ අත්දැකීම්, හැගීම් ලියන්න ඕන කියල හිතුනේ ඔන්න ඔහොම වෙලාවක. 

ඉතින් මම ලියන්න පටන්ගන්නවා. ඒත් මම දන්නවා මේක අනිවාර්යයෙන් ම අසම්පූර්ණ සටහනක්. සමහර විට කතාබහක් පටන් ගන්නවත් තරම් දෙයක් නැති තරමට ම අසම්පූර්ණ වෙන්න පුළුවන්. කොහොමටත් හැම දෙයක්මත්, හැම තැනක්මත් හිස්තැනක් වෙලා තියෙන යථාර්ථයක් ඇතුලේ අංගසම්පූර්ණ අදහසක් ඉදිරිපත් වේවි කියලා කාට හරි මම ගැන විශ්වාසය තියන්න පුළුවන් ද? බෑ නේ. ඉතින් අපි මෙහෙම ගිහින් බලමු නේ

මගේ අවිශ්වාසවන්ත සයිබර් සගයනේ, විශ්වාසයක් නැතත් බලාපොරොත්තුවක් එක්ක මාත් එක්ක මේ ගමනටත් හවුල් වෙමුද ?